ක්‍රියාකාරී කමිටු ගොඩ නගමු!

සෑම කම්හලකම, සේවා ස්ථානයකම හා නිවහන් ප්‍රදේශයකම කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම කම්කරු පන්තියේ ඉල්ලීම් හා ​​ඓතිහාසික ඉලක්ක දිනා ගැනීම සඳහා තීරනාත්මක අවශ්‍යතාව බවට පත්ව ඇත!

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සමාජවාදී සමානතා පක්ෂය, ප්‍රධාන කර්මාන්තශාලාවල මෙන්ම සේවා ස්ථානවලද නිවහන් ප්‍රදේශ වලද අන්තර් සම්බන්ධිත ක්‍රියාකාරී කමිටු ජාලයක් ගොඩනගමින් සිටී.

එහි ඉලක්කය වන්නේ ධනපති ආන්ඩුව විසින් කම්කරු පන්තියේ ජීවන බර ඉහල දමමින්ද, අයිතිවාසිකම් කප්පාදු කරමින්ද, කොවිඩ්-19 පැතිරීම වලක්වනවා වෙනුවට මහා ව්‍යාපාරික ලාබ ගැරීමට ඉඩ සලසමින්ද, පරිසරය වනසමින්ද, මිලිටරිය මත පදනම් වූ ආඥාදායකත්වයක් ගොඩ නගමින්ද අධිරාජ්‍යවාදී යුද්ධයට කරබදු වෙමින්ද, ගෙන යන රුදුරු වැඩ පිලිවෙලට එරෙහිව සමාජවාදය ගොඩ නැගීම කරා ඉදිරියට යන ජාත්‍යන්තර වැඩ පිලිවෙල මත දේශපාලනික මහා වැඩ වර්ජනයක් සූදානම් කිරීමය.

මෙම ක්‍රියාකාරී කමිටු ජාලය ගොඩ නැගීම සඳහා දැන් දැන්ම සම්බන්ධ වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

අප හා සම්බන්ධ වී ක්‍රියාකාරී කමිටු පිලිබඳව වැඩි දුර සාකච්ඡා කල හැකිය. ඒ් අනුව නව ක්‍රියාකාරී කමිටුවක් ගොඩ නැගීමට මූලිකත්වය ගත හැකිය.

ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට එකතු වන්න!
අපගේ ඉල්ලීම්

අපගේ ඉල්ලීම් පදනම් විය යුත්තේ ධනපති සංගතවලට සහ දේශපාලනඥයින්ට සපයාදිය හැකියයි කියන දේ මත නොව, සමස්ත කම්කරු පන්තියේ ජීවිත හා යහපැවැත්ම ආරක්ෂා කිරීමට අවශ්‍ය දේ මත ය.

මෙම පිටුවෙන් ඔබට:
ක්‍රියාකාරී කමිටුවකට බැඳෙන්න

ක්‍රියාකාරී කමිටුවකට බැඳීම සඳහා / කමිටු පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා හෝ කමිටුවක් ගොඩ නැගීම සඳහා දැන්ම අපව අමතන්න. ඔබේ සේවා ස්ථානය, කර්මාන්තශාලාව හෝ කලාපය තුල කමිටුවක් නොමැති නම්, ආරම්භ කිරීම සඳහා අපි ඔබට උදව් කරන්නෙමු.

ආන්ඩුවේ අයිඑම්එෆ් වැඩපිලිවෙල කෙරෙහි වැඩෙන කම්කරු විරෝධය මධ්‍යයේ

දුම්රිය වැඩවර්ජනයට එක්වනු! අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලට සහ ජවිපෙ/ජාජබ ආන්ඩුවට එරෙහි ව ඒකාබද්ධ අරගලයක් ගොඩනඟනු! සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් කරනු!

දුම්රිය සේවකයන් වන අප මෙම අරගලය වෘත්තීය සමිති නිලධාරි තන්ත්‍රයේ අතින් උදුරා අප අතට ගත යුතු ය.

ශ්‍රී ලංකාවේ දුම්රිය කම්කරු ක්‍රියාකාරී කමිටුව•

"නිදහස් අධ්‍යාපනය වගේම නිදහස් සෞඛ්‍යයත් පුද්ගලීකරනය දිසාවටයි තල්ලු කෙරෙන්නේ”: රජයේ වෛද්‍යවරයෙක්

වෛද්‍යවරුන්ගේ වැටුප් ඉල්ලීම් ගැටෙන්නේ අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙල යටතේ නිදහස් සෞඛ්‍ය සේවය විනාශ කිරීමේ ජවිපෙ/ජාජබ ආන්ඩුවේ රුදුරු සැලසුම් සමග වන අතර, නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්තියේ පොදු අරගලයක දැවෙන අවශ්‍යතාවය ඉන් මතු කෙරෙයි.

අපේ වාර්තාකරුවන්•

සියලුම සෞඛ්‍ය සේවකයින්ට ඉල්ලීමක්

නිදහස් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමට සටන් කරමු! ක්‍රියාකාරී කමිටු ගොඩනඟමු!

සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව (එච්ඩබ්ලිව්ඒසී) අවධාරනය කරන්නේ ජාමූඅ හි කප්පාදුවට, ඒ මත පදනම් වූ ආන්ඩුවේ පිලිවෙත් සහ ධනවාදයටම එරෙහි අරගලයකින් තොරව, නිදහස් මහජන සෞඛ්‍ය සේවය ආරක්ෂා කල නොහැකි බවයි.

සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව•

පාසල් සංවර්ධන නිලධාරීන්ට කැඳවුමක්: රැකියා අයිතිය දිනා ගැනීමට අවශේෂ කම්කරුවන් ගේ සහාය ගොනු කර ගනිමින් සටන් වදිමු!

සෑම අංශයක ම වෘත්තීය සමිති නායකයන් සේ ම පාසල් සංවර්ධන නිලධාරි සමිති නායකයන් ද සිදු කරන්නේ ධනපති ආන්ඩුවලට බලපෑම් දමා ධනපති ක්‍රමය තුල ම ප්‍රශ්න විසඳා ගත හැකි ය යන මිථ්‍යාව තම සාමාජිකත්වයට ගිල්ලවීමයි.

නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම සඳහා ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුව•
ශ්‍රී ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමුහිකය•

වැඩි වැටුප් ඉල්ලා ටෙලිකොම් සේවකයන් විරෝධතාවක

එස්එල්ටී-මොබිටෙල් සේවකයන් වෘත්තීය සමිති නිලධාරි තන්ත්‍රයේ වාගාලංකාර මත විශ්වාසය නොතැබිය යුතු ය. ඒ වෙනුවට, මෙම නායකයන් තමන් මෙතෙක් ගෙන ගොස් ඇත්තේ කොතැනට ද යන්න විමසා බලා, තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් අරගලය තමන්ගේ ම අතට ගත යුතු ය.

විලානි පීරිස්•

සංවර්ධන නිලධාරීන්ගේ නොවැම්බර් 9 සංකේත වර්ජනය: ආන්ඩුවේ කප්පාදුවට හා මර්දන නීති වලට එරෙහි රජයේ සේවකයන්ගේ පලල් අරගලයක් වර්ධනය කරමු

සංවර්ධන නිලධාරීන්ට අවශ්‍ය වන්නේ, වෘත්තීය සමිති නිලධරයේ සීමාවන් ඉක්මවා ගිය ස්වාධීන දේශපාලන අරගලයකි. වෘත්තීය සමිති තුලින් එය ලබා ගත නොහැකි ය.

කපිල ප්‍රනාන්දු•

UAW මැතිවරන ව්‍යසනය: සාමාජිකයන්ගෙන් සියයට 90කට වැඩි පිරිසක් ඡන්දය වර්ජනය කරද්දී, වෘත්තීය සමිති නිලධරය ෆේන් යලි බලයට පත් කරයි

යුනයිටඩ් ඔටෝ වර්කර්ස් සංගමයේ සාමාජිකයන්ගෙන් සියයට 90 කට අධික පිරිසක් මෙම ඡන්ද විමසීම වර්ජනය කලහ. වෘත්තීය සමිතියේ සමස්ත යාන්ත්‍රනය ම තම පාලනය යටතේ තිබිය දී, සාමාජිකයන්ගෙන් සියයට 6 කගේ ඡන්දයෙන් ෂෝන් ෆේන් නැවත තේරී පත් ව ඇත.

ජෙරී වයිට්•

දුම්රිය කම්කරුවෝ දහස් ගනනක් ආන්ඩුවේ තර්ජනය නොතකා දෙදින වැඩ වර්ජනයට සහභාගී වෙති

ආරක්ෂිත, දැරිය හැකි, අඛන්ඩ සේවාවක් සම්පාදනය කිරීම සඳහා දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රයට යෝධ ආයෝජන යෙදවීම කම්කරුවන්ගේ ඉල්ලීම විය යුතු ය. එම ඉල්ලීම් දුම්රියත් සමස්ත ආර්ථිකයත් ලාභ පද්ධතියේ හස්තයෙන් මුදා ගෙන සමාජවාදී පදනමක් මත ප්‍රතිසංවිධානය කිරීමට කරන අරගලයෙන් වෙන් කල නොහැක.

අපේ වාර්තාකරුවන්•
ශ්‍රී ලංකාවේ දුම්රිය කම්කරු ක්‍රියාකාරී කමිටුව•
අත්‍යවශ්‍ය කියවීම්
නිති විමසන පැන
කම්කරු ක්‍රියාකාරී කමිටුවක් වෘත්තීය සමිතියකින් වෙන්වන්නේ කෙසේද?

ක්‍රියාකාරී කමිටු වලට සියලුම ශ්‍රේනිවල නියෝජිතයන්ට සහභාගි විය හැකි අතර ශ්‍රේනි හෝ වෘත්තීය සීමා ඉක්මවා කම්කරු පන්තිය ඒකාබද්ධ කරයි. ඊට කම්කරු පන්තියට හිතැති වෙනත් සමාජ ​කොටස් නියෝජනය කරන නියෝජිතයින්ද කමිටුවේ අභිමතය පරිදි සහභාගි කර ගත හැකිය. (නිදසුන් ලෙස සේවා ස්ථානය සමග සම්බන්ද වන ‘පිටස්තර’ කම්කරුවන්, පලාතේ රැකියා විරහිත තරුන නියෝජිතයින්, සුලුතර ජන කන්ඩායම් හා සිසුන්) කමිටුවේ සාමාජික සංඛ්‍යාව ඇතුලු ඒහි රැස්වීම් පැවැත්වීමේ කාල පරාසය හා සන්නිවේදන විධික්‍රම ආදිය කමිටු සාමාජිකයන්ගේ අනුමැතිය සහිතව තීන්දු කල හැකිය.

ඒහි තීන්දු ගනු ලබන්නේ නිලධාරීවාදී ලෙස නොව සියලු සාමාජිකයින් සමග කෙරෙන සාකඡ්චාවකින් පසු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බහුතර ඡන්දයෙනි. ඒම සාකඡ්චාවන් තුලදී මත ප්‍රකාශ කිරීමට අවශ්‍ය සියලු නියෝජිතයන්ට ඉඩ අවකාශ ලැබේ.

කම්කරු ක්‍රියාකාරී කමිටු නීත්‍යානුකූලද?

ව්‍යවස්තාපිත මූලික අයිතිවාසිකම් යටතේ සංවිධානය වීමේද, තීරන ගැනීමේ හා ඒ් මත ක්‍රියාත්මක වීමේ නිදහස මත ක්‍රියාකාරී කමිටු පිහිටා සිටියි.