International Youth and Students for Social Equality

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය, සමාජවාදී සමානතා පක්ෂයේ ශිෂ්‍ය සහ තරුන ව්‍යාපාරයයි.

යුද්ධය, දරිද්‍රතාවය සහ සමාජ අසමානතාව, ජාත්‍යන්තර ව ආන්ඩු ෆැසිස්ට්වාදය සහ ආඥාදායකත්වය දෙසට වන ධාවනය ආදී 21 වැනි සියවසේ දී මානව වර්ගයා මුහුන දී සිටින සියලු ම දැවැන්ත ගැටලු ධනවාදයේ ප්‍රතිපලයක් බවත් ඒවා විසඳිය හැක්කේ කම්කරු පන්තිය දේශපාලන බලය ලබා ගෙන අව්‍යාජ සමානතාවක පදනම් වූ සමාජවාදයක් පිහිටු වීමෙන් පමනක් බවත් අපි අවධාරනය කරමු.

සසජාතශි වෙබ් අඩවියට පිවිසෙන්න

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මර්දනකාරී නීතිවලට ආවඩමින් අධ්‍යාපනය ඩිජිටලීකරනයට එරෙහි ප්‍රතිගාමී උද්ඝෝෂනයක

පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) අධ්‍යාපනය ඩිජිටලීකරනයට එරෙහි ව දියත් කර ඇති උද්ඝෝෂනය ජවිපෙ/ජාජබ ආන්ඩුවේ කප්පාදුවට ආවරනය සපයන සහ මර්දනකාරී නීතිවලට ආවඩන ප්‍රතිගාමී ව්‍යායාමයකි.

නවීන් දේවගේ

“සුලි කුනාටුවෙන් පස්සේ පර්යේෂන, සායන, පුහුනුවීම් ඇනහිටිලා” පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්

ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල තීව්‍ර කරන ජවිපෙ/ජාජබ ආන්ඩුවේ පිලිවෙත වන්නේ සුලි කුනාටු ව්‍යසනයෙන් තවදුරටත් ගැඹුරුවන ආර්ථික අර්බූදයේ බර කම්කරු පන්තිය, ගම්බද දුගීන් හා තරුන ජනයා මත පැටවීමයි.

අපේ වාර්තාකරුවන්

මොරටුව විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ, ඩිට්වා සුලි කුනාටුවෙන් ඇති වූයේ “ස්වභාවික ව්‍යසනයක්” බව ප්‍රතික්ෂේප කරති

"ෆොසිල දහනය ඇතුලු කරුනු ගනනාවකින් වායු ගෝලීය උනුසුම වැඩිවීම නිසා ඇතිවන කාලගුනික විපර්යාස මෙම විනාශයට ඍජු ව ම බලපා තිබෙන නිසා එය ස්වභාවික ව්‍යසනයක් කියල කියන්න බෑ" යැයි ශිෂ්‍යයෙක් පැවසුවේ ය.

දයානන්ද රත්නායක, දේහින් වසන්ත