රාජ්ය හා පලාත් රාජ්ය සේවාවන්හි සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානය, නොවැම්බර් 9 වන දා දිවයින පුරා වැඩවර්ජනයක් ක්රියාත්මක කරන බව නිවේදනය කර තිබේ. “සංවර්ධන නිලධාරී සේවය අහෝසි කිරීමේ කුමන්ත්රනය නැවැත්වීම, ශ්රී ලංකා සංවර්ධන සේවයට (එස්එල්ඩීඑස්) ව්යවස්ථාවක් ලබා දීම, 2027 අයවැයෙන් රුපියල් 25,000ක අන්තර්කාලීන මාසික දීමනාවක් ලබා දීම, නිල රාජකාරි සඳහා සහන මිලට යතුරුපැදි ලබා දීම සහ ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනත (පීඑස්ටීඒ) අහෝසි කිරීම” වර්ජනයේ ඉල්ලීම් ලෙස ඉදිරිපත් කර ඇත.
මීට පෙර, රට පුරා පිහිටි ප්රාදේශීය ලේකම් කාර්යාල සහ තවත් රාජ්ය ආයතනවල සේවයේ නිරත 150,000 ක් සංවර්ධන නිලධාරීන් අගෝස්තු මස 31 දා දහවල් කෑම විවේකයේ දී විරෝධතාවන්හි යෙදුනි. සංවර්ධන නිලධාරීන්ගේ සංකේත වර්ජනය නිවේදනය වී තිබෙන්නේ, වැටුප් කප්පාදුවට, පෞද්ගලීකරනයට හා අධ්යාපන සෞඛ්ය කප්පාදුවට එරෙහි ව රාජ්ය හා පෞද්ගලික අංශයේ සේවකයන් අතර වැඩෙමින් පවතින විරෝධය මධ්යයේ ය.
පසුගිය මාස දෙක තුල දුම්රිය සේවකයෝ, සංවර්ධන නිලධාරීහු, විශ්වවිද්යාල ආචාර්යවරු හා සෙවනගල සීනි සමාගමේ සේවකයෝ වර්ජන හා විරෝධතාවලට සම්බන්ධ වූහ. විශ්වවිද්යාල ශිෂ්යයන් අතරින් ද විරෝධතා ගනනාවක් මතු විය.
සංවර්ධන නිලධාරීන්ගේ සංකේත වර්ජනයට ක්රියාශීලි ව සහාය දෙන ලෙස සියලු රජයේ සේවකයන්ගෙන් හා අවශේෂ කම්කරුවන්ගෙන් අපි ඉල්ලා සිටිමු.
වෘත්තීය සමිති නායකයන් ආන්ඩුවේ කොටස් කිරීම් වලට අනුව, රජයේ සේවකයන් හා සංවර්ධන නිලධාරින් අතර වෙන් කිරීමක් හා භේදයක් නිර්මානය කර ඇත. එය කපා හැර සහෝදර සේවකයන් එක්සත් විය යුත්තේ ඔවුන්ගේ ප්රහාරවල මුලය එකක් ම වන හෙයිනි. එ මෙන් ම, දිනක වර්ජනයකට සීමා කර, එය නොවැම්බර් 12 දා අයවැය ඉදිරිපත් කරන තතු යටතේ ආන්ඩුවට බලපෑම් දැමීමේ ක්රියාවකට කොටු කිරීමට වෘත්තීය සමිති නායකත්වය දරන තැතට එරෙහි ව, ඉල්ලීම දිනා ගැනීම සඳහා සිය අරගලය පලල් සටනක් බවට වර්ධනය කිරීමට සංවර්ධන නිලධාරින් අවශේෂ රජයේ සේවකයන් සමග එක් ව පියවර ගත යුතු ය.
පසුගිය දශක කිහිපය පුරා වෘත්තීය සමිති නායකයන් මෙවන් බලපෑම් දැමීමේ විරෝධතා ක්රියා ගනනාවකට ම සංවර්ධන නිලධාරින් කැඳවා ඇත. මේ දක්වා සියලු ආන්ඩු එම ඉල්ලීම් කුනු කූඩයට දැමී ය. වත්මන් ජවිපෙ ජවිප/ජාජබ ආන්ඩුව ජාත්යන්තර මුල්ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල වේගවත් කර ඇත. ඒ නිසා මෙ වර ඉල්ලීම් වලට ද අත්වනු ඇත්තේ එම සන්තෑසිය ම ය. ත්රස්ත විරෝධී පනත ඉවත් කරන ලෙස ඉල්ලීම වැදගත් දේශපාලන ඉල්ලීමකි. මෙම ඉල්ලීම් කිසිවක් බලපෑම් දමා ඉටුකර ගත නොහැකි බව පැහැදිලි ය. අවශ්ය වන්නේ කම්කරු පන්තියේ ස්වාධීන අරගලයක් සංවිධානය කිරීමයි.
“1994-2020 දක්වා අක්රමික ලෙස සංවර්ධන නිලධාරීන් බඳවා ගෙන ඇති බව” අගමැතිනි හරිනි අමරසූරිය 2024 දෙසැම්බර් මස ප්රකාශ කලා ය. එය මෙම සේවකයන්ගේ ප්රශ්නයක් නොව, රැකියා ප්රශ්නය නිසි ලෙස විසඳිය නොහැකි ධනපති ක්රමයේ හා ආන්ඩුවල ප්රශ්නයකි. ‘සංවර්ධන නිලධාරීන්’ යන පොදු තනතුරක් යටතේ ඕනෑ ම කටයුත්තක් අඩු වැටුපකට සූරාකෑමේ එල්ලයෙන් බඳවා ගනු ලැබූ මෙම සේවකයන්ට උසස් කිරීමේ ක්රමවේදයක්, නිශ්චිත රාජකාරී ලැයිස්තුවක් ඇත්තේ නැත. රාජ්ය අංශයේ විවිධ අංශවල රැකියා පුරප්පාඩු පවතිද්දි වෙන ම කොට්ඨාසයක් ලෙස සිදු කල බඳවා ගැනීම් තුලින් ඔවුන් අනකුත් රාජ්ය සේවකයන්ගෙන් වෙන් කර තිබේ.
සංවර්ධන නිලධාරීන්ගේ උසස් කිරීම් සිදු වන්නේ වසර 10කට වරකි. වසර 10ක් ඉක්ම වූ සංවර්ධන නිලධාරීන්ගේ පවා මූලික වැටුප රුපියල් 54000 ක් වන අතර අනෙකුත් දීමනා සමග මුලු වැටුප රුපියල් 68000 ක් පමන සොච්චමකි. තම රාජකාරී සඳහා පෞද්ගලික යතුරුපැදි භාවිතා කරන මෙම නිලධාරීන්ට ප්රවාහන දීමනා ලෙස ලැබෙන්නේ මසකට රුපියල් 300 කි. ආන්ඩුව දැන් සැරසෙන්නේ සංවර්ධන නිලධාරීන් අලුතින් බඳවා ගැනීම නතර කර එම තනතුර අහෝසි කිරීමටයි.
නොවැම්බර් 09 දා වැඩවර්ජනය කැඳවා ඇති වෘත්තීය සමිති අතර මූලිකත්වය ගෙන ඇත්තේ, ඒකාබද්ධ සංවර්ධන නිලධාරීන්ගේ මධ්යස්ථානයයි. එය මෙහෙවන්නේ, ආන්ඩුවට බලපෑම් යොදා මහජනතාවගේ අයිතීන් දිනා ගත හැකි යයි මිථ්යාවක් ගෙන යන ව්යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප)යි. පසුගිය වසර දෙක පුරා, අනෙකුත් වෘත්තීය සමිති මෙන් ම පෙසප ද, ජවිපෙ/ජාජබ ආන්ඩුව එල්ල කරන ප්රහාරවලට එරෙහි ව රාජ්ය සේවකයන්ගේ ඒකාබද්ධ අරගලයක් වර්ධනය වීම අවහිර කර ඇත. 2022/23 වසරවල සංවර්ධන නිලධාරීන්ගේ ඉල්ලීම් ද ඇතුලු කම්කරු පන්තියේ දැවෙන ඉල්ලීම්, මැතිවරන ව්යාපාරයේ දී ජවිපෙ/ජාජබ දුන් බොරු පොරොන්දු වලට යට කර දිය කර හැරීමට පෙසප සමිති නායකයෝ වැඩ කලහ.
අගෝස්තු 31 දා සිට විරෝධතා සතියක් පවත්වන බව ප්රකාශ කර තිබුනත් එදා දහවල් කෑම පැයේ විරෝධතාවයේ සිට මෙතෙක් කිසිදු කාර්මික ක්රියාවක් සංවිධානය නොකල සමිති නායකයන් මෙවැනි සීමිත සටන් කැඳවන්නේ සාමාජිකත්වයේ විරෝධය වාෂ්ප කර දැමීම සඳහා ය.
ගුරු සේවයට අන්තර්ග්රහනය කරන්නැයි ඉල්ලා වසර 06 ක් පුරා සටන් වැද සිටින පාසල් සංවර්ධන නිලධාරීන් නොවැම්බර් 09 දා වර්ජන ක්රියාමාර්ගයට ඒකාබද්ධ කර ගෙන නැත. සියලු අංශවල සංවර්ධන නිලධාරීන් පොදු ප්රශ්නවලට මුහුන දී සිටියත් සමිති නිලධරය ඔවුන් ඒකාබද්ධ අරගලයකට සංවිධානය කිරීමට සූදානම් නැත. කම්කරු පන්තියේ ශ්රේනිවාදී හා සීමිත සටන් සංවිධානය කරන සමිති නායකයෝ කම්කරුවන් අතර පතුරුවා හරින මිථ්යාව වන්නේ ජවිපෙ/ජාජබ ආන්ඩුවට පීඩනය යෙදීමෙන් ආන්ඩුව ක්රියාවට දමන ජාමූඅ නියෝග පස්සට තල්ලුකර කම්කරුවන්ට සහන දිනා ගත හැකි ය යන්නයි.
සංවර්ධන නිලධාරීන් හෝ රජයේ අනෙකුත් අංශවල සේවකයන් සමිති නායකයන්ගේ මෙම බලපෑම් දැමීමේ වඳ ප්රචාරයන්ට මුලාවිය යුතු නැත. කම්කරු පන්තිය වඩ වඩාත් දරුනුවන ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලකට මුහුන දෙයි. ගෝලීය වශයෙන්, නේටෝව යුක්රේනය තුල රුසියාවට එරෙහි ව ගෙනයන යුද්ධය හා ඇමරිකාව ඉරානයට විරුද්ධව කරන යුද්ධය නිසා උග්රවන අර්බුදයේ බර සෑම රටක ම ආන්ඩු විසින් පටවනු ලබන්නේ මහජනතාව මතයි.
ඔක්තෝබර් 23 දින රජයේ මිනුම්දෝරුවරුන්ගේ සංගමයේ රැස්වීමක දී ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රකාශ කර සිටියේ ආන්ඩුවේ වියදම් කැපීම සඳහා රාජ්ය ආයතන 34ක් වසා දැමීමට භාන්ඩාගාරය තීරනය කර ඇති බවයි. මෙය සිදු වන්නේ ආන්ඩුව සතු ව්යවසාය සිය ගනනක් පුද්ගලීකරනයට හෝ වානිජකරනයට නියම කර ඇති තතු තුලයි. සුරක්ෂිත බව සැලකුනු ආන්ඩුවේ රැකියා ද වැටුප් ද ඛාදනය කර දැමෙමින් පවතී. 2019 සිට 2025 දක්වා වසරවල රජයේ සේවකයන්ගේ මූර්ත වැටුප සියයට 12 කින් පහල ගොස් තිබේ. 2027 අයවැය සකස් කිරීමේ දී දල දේශීය නිෂ්පාදිතයේ ප්රාථමික අතිරික්තය සියයට 2.3ක් ලෙස පවත්වා ගැනීමටත්, ප්රමුඛ රාජ්ය වියදම් සියයට 13කට සීමා කිරීමටත් ජාමූඅ නියෝග කර ඇත.
නමුත් ලංකාවේ හා ජාත්යන්තර අත්දැකීම් පෙන්නුම් කරන්නේ සමිති නායකයන්ගේ මෙම වැඩපිලිවෙලේ ඇති ප්රෝඩාකාරී ස්වභාවයයි. ලංකාව ජාමූඅ සමග 14 වතාවක් නය ගිවිසුම්වලට ගමන් කර ඇත. ලංකාවේ පමනක් නොව ආජන්ටිනාව, පකිස්ථානය සහ ග්රීසිය ඇතුලු ලොව පුරා සෑම රටක ම අත්දැකීම වන්නේ අධිරාජ්යවාදී මූල්ය ප්රාග්ධනයේ නියෝග ක්රියාවට දමන ධනපති ආන්ඩු කම්කරු පන්තියේ පීඩිත මහජනයාගේ ජීවන තත්වයන් කාබසිනියා කර දැමීමයි.
පසුගිය වසර දෙකේ තැපැල්, දුම්රිය, විදුලිබල වැනි ක්ෂේත්රවල කම්කරුවන්ගේ අරගල වෘත්තීය සමිති විසින් පාවා දීමේ පාඩම් සෑම ක්ෂේත්රයක ම කම්කරුවන් විසින් තේරුම් ගැනීම අවශ්ය ය. කිසිදු ඉල්ලීමක් දිනා නොගෙන මෙම සීමිත අරගල අවසන් කෙරුනි. ඊට හේතුව මෙම සමිති නිලධරයන් ධනපති ක්රමයට හා රාජ්යයට බැඳී සිටීමයි. ජාත්යන්තර මුල්ය අරමුදලේ කප්පාදු හරහා ධනපති ක්රමය අර්බුදයෙන් ගොඩගැනීම සඳහා ආන්ඩුව හා පාලක පන්තියේ සියලු කොටස් ගෙන යන වැඩපිලිවෙලට ඔවුන් සියලු දෙනා එකඟ ය. කම්කරුවන් රැවටීමට කොතෙකුත් පුච්චානම් කතා කියන ඔවුන් නියෝජනය කරන්නේ ධනපති පන්තිය හා ආන්ඩුවල වුවමනාකම් ය.
වැටුප් හා සේවා කොන්දේසි රැක ගැනීම සඳහා ද ත්රස්ත විරෝධී පනත පරාජය කිරීම සඳහා ද බැරෑරුම් දේශපාලන අරගලයක් දියත් කල යුතු බව ඕනෑ ම හිතන මතන කම්කරුවෙකුට තේරුම් ගැනීම අපහසු නැත. සියලු මර්දනකාරී නීති අහෝසි කිරීම සහ විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීම සඳහා වූ අරගලය, ආන්ඩුව හා පාලක පන්තියේ කොටස්වලට පින්සෙන්ඩු වීමෙන් හිඟා ගත හැකි දේවල් නොවේ. ආන්ඩුවේ හා මහා ව්යාපාරිකයන්ගේ වැඩපිලිවෙල පරාජය කිරීම සඳහා කම්කරුවන් බලමුලු ගැන්විය යුතු ය.
සංවර්ධන නිලධාරීන්ට අවශ්ය වන්නේ, වෘත්තීය සමිති නිලධරයේ සීමාවන් ඉක්මවා ගිය ස්වාධීන දේශපාලන අරගලයකි. වෘත්තීය සමිති තුලින් එය ලබා ගත නොහැකි ය. සෑම වැඩපොලක ම, කාර්යාලයක ම ප්රජාතන්ත්රවාදී ව තෝරා පත්කර ගන්නා ක්රියාකාරී කමිටු පිහිටුවන ලෙස ඔවුන්ගෙන් අප ඉල්ලා සිටින්නේ එ බැවිනි. මෙම කමිටු සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීන විය යුතු අතර, වෘත්තීය සමිති නිලධරයන් ඒවා තුලට වැද්ද නොගත යුතු ය.
එ මෙන් ම, එම ප්රහාරවලට ම මුහුන දී සිටින අවශේෂ රාජ්ය අංශවල කම්කරුවන්, පෞද්ගලික අංශයේ කම්කරුවන් සමඟ, කර්මාන්ත, ශ්රේනි හා වාර්ගික බෙදීම් ඉක්මවා ඒකාබද්ධ විය යුතු ය. සියලු රජයේ සේවකයන්ගෙන් හා කම්කරු පන්තියේ අනෙකුත් සියලු කොටස්වලින් ද අප ඉල්ලා සිටින්නේ සිය සේවා ස්ථානවල කම්කරු ක්රියකාරී කමිටු ගොඩනගන ලෙස ය. එවන් ක්රියාකාරී කමිටු ජාලයක් මගින් ආන්ඩුවේ ප්රහාරවලට විරුද්ධව කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් දියත් කිරීමට කම්කරු පන්තියට තීන්දු කල හැකි ය.
සමාජවාදී සමානතා පක්ෂය (සසප) අවධාරනය කරන්නේ, ධනපති ක්රමය තුල කම්කරු පන්තියේ හෝ අවශේෂ දුගී ජනයාගේ අයිතීන් රැකගත නොහැකි බවයි. කම්කරුවන්ගේ හා දුගින්ගේ අයිතීන් රැකගත හැකි වන්නේ, බිලියනපතියන් තර කරන හා විදේශ නය ගෙවීම ඇතුලු ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල මුලුමනින් ම ප්රතික්ෂේප කර, බැංකු, කම්හල්, වතු කම්කරු පන්ති පාලනයක් යටතේ ජනසතු කරන සමාජවාදී වැඩපිලිවෙලක් තුලින් පමනක් බවයි.
ලංකාවේ කම්කරුවන් මුහුන දෙන්නේ, රැකියා, වැටුප් හා සමාජ අයිතීන් සම්බන්ධයෙන් ජාත්යන්තර ව කම්කරුවන් මුහුන දෙන ගෝලීය ප්රහාරයට ම ය. ලංකාවේ කම්කරුවන්ට තම අරගල ඉදිරියට ගෙන යාම සඳහා ජාත්යන්තර ව එකාබද්ධ වීම අත්යවශ්ය ය. සසප මේ සඳහා ගෝලීය ව ගොඩනගනු ලබන “කම්කරු ක්රියාකාරී කමිටුවල ජාත්යන්තර සන්ධානය” සමග ලංකාවේ කම්කරු ක්රියාකාරී කමිටු ඒකාග්ර කිරීමට සටන් කරයි.
මෙම වැඩපිලිවෙලට සටන් කරන ලෙස ද ඒ පිලිබඳව අප සමග සාකච්ඡාවට එලඹෙන ලෙස ද සංවර්ධන නිලධාරීන්ගෙන්, අවශේෂ කම්කරුවන්ගෙන් හා තරුනයන් ගෙන් ඉල්ලා සිටිමු.
වැඩිදුර කියවන්න
- ශ්රී ලංකාව: කම්කරු ක්රියාකාරී කමිටු සාමූහිකය පාසල් සංවර්ධන නිලධාරීන් ආරක්ෂා කිරීම සම්බන්ධව සාකච්ඡා කරයි
- රට පුරා සංවර්ධන නිලධාරීහු දහස් ගනනින් විරෝධතා දක්වති
- ජනාධිපති දිසානායක, පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්රහනය කිරීම ප්රතික්ෂේප කරයි
- ලක්ෂයකට අධික සංවර්ධන නිලධාරීහු වැඩි වැටුප් ඉල්ලා වර්ජනයේ යෙදෙති
