ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා!

කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සංවිධානය කොට කැඳවනුවස්, සමස්ත දිවයින අලලාගත් උද්ඝෝෂනයක් සඳහා, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) වැඩකරන ජනයාට හා තරුනයන්ට කැඳවුම් කරයි.

සසප, සූරාකැවෙන සහ ඩාදිය වගුරන මහජනයාගේ මෙම සම්මේලනය දැකගන්නේ, ගෝඨාභය රාජපක්ෂගේ ද, ඔහුගේ අනුප්‍රාප්තික විධායක ජනාධිපති වන හා ඒකාධිපතියා වීමට ඉඩ ඇති රනිල් වික්‍රමසිංහගේ ද, අපකීර්තිමත් පාර්ලිමේන්තු ගජ මිතුරන් විසින් අටවමින් තිබෙන, ප්‍රතිගාමී ධනපති අන්තර්-කාලීන ආන්ඩුවට විප්ලවීය දේශපාලන විකල්පයක් ලෙස ය . පාලක පන්තියේ නව ආන්ඩුවට ඇත්තේ එක් අභිප්‍රායයක් පමනි: එනම්, මහජන විරෝධයේ ගෙල සිරකරන අතරතුර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ), එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදය සහ ශ්‍රී ලංකාවේ පාලක පන්තිය විසින් විධානය කරන ම්ලේච්ඡ කප්පාදු වැඩසටහන පැටවීම යි.

මුලු ප්‍රකාශය කියවන්න
ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් මර්දනය නවතනු! සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!

වැඩි වැටුප් ඉල්ලා ටෙලිකොම් සේවකයන් විරෝධතාවක

එස්එල්ටී-මොබිටෙල් සේවකයන් වෘත්තීය සමිති නිලධාරි තන්ත්‍රයේ වාගාලංකාර මත විශ්වාසය නොතැබිය යුතු ය. ඒ වෙනුවට, මෙම නායකයන් තමන් මෙතෙක් ගෙන ගොස් ඇත්තේ කොතැනට ද යන්න විමසා බලා, තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් අරගලය තමන්ගේ ම අතට ගත යුතු ය.

විලානි පීරිස්•

සංවර්ධන නිලධාරීන්ගේ නොවැම්බර් 9 සංකේත වර්ජනය: ආන්ඩුවේ කප්පාදුවට හා මර්දන නීති වලට එරෙහි රජයේ සේවකයන්ගේ පලල් අරගලයක් වර්ධනය කරමු

සංවර්ධන නිලධාරීන්ට අවශ්‍ය වන්නේ, වෘත්තීය සමිති නිලධරයේ සීමාවන් ඉක්මවා ගිය ස්වාධීන දේශපාලන අරගලයකි. වෘත්තීය සමිති තුලින් එය ලබා ගත නොහැකි ය.

කපිල ප්‍රනාන්දු•

UAW මැතිවරන ව්‍යසනය: සාමාජිකයන්ගෙන් සියයට 90කට වැඩි පිරිසක් ඡන්දය වර්ජනය කරද්දී, වෘත්තීය සමිති නිලධරය ෆේන් යලි බලයට පත් කරයි

යුනයිටඩ් ඔටෝ වර්කර්ස් සංගමයේ සාමාජිකයන්ගෙන් සියයට 90 කට අධික පිරිසක් මෙම ඡන්ද විමසීම වර්ජනය කලහ. වෘත්තීය සමිතියේ සමස්ත යාන්ත්‍රනය ම තම පාලනය යටතේ තිබිය දී, සාමාජිකයන්ගෙන් සියයට 6 කගේ ඡන්දයෙන් ෂෝන් ෆේන් නැවත තේරී පත් ව ඇත.

ජෙරී වයිට්•

දුම්රිය කම්කරුවෝ දහස් ගනනක් ආන්ඩුවේ තර්ජනය නොතකා දෙදින වැඩ වර්ජනයට සහභාගී වෙති

ආරක්ෂිත, දැරිය හැකි, අඛන්ඩ සේවාවක් සම්පාදනය කිරීම සඳහා දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රයට යෝධ ආයෝජන යෙදවීම කම්කරුවන්ගේ ඉල්ලීම විය යුතු ය. එම ඉල්ලීම් දුම්රියත් සමස්ත ආර්ථිකයත් ලාභ පද්ධතියේ හස්තයෙන් මුදා ගෙන සමාජවාදී පදනමක් මත ප්‍රතිසංවිධානය කිරීමට කරන අරගලයෙන් වෙන් කල නොහැක.

අපේ වාර්තාකරුවන්•
ශ්‍රී ලංකාවේ දුම්රිය කම්කරු ක්‍රියාකාරී කමිටුව•